තම කිරි ගවයින් සොයන්න කැලේ ගිය තිදෙනෙක්ට අලි පහරදීමක්

හබරණ – පලුගස්වැව, කුඩලුගස් වැව ප්‍රදේශයේ චුම්බිකුලිය රක්ෂිතය තුළ වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියෙකු සමග තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වූ කිරිගවයින් දෙදෙනෙක් සෙවීමට රක්ෂිත භූමියට ඇතුල් වී තිබුණා.

එසේ යන අතරතුර තමන් දෙසට පැමිණි වනඅලියෙකු; තිදෙනාගෙන් එක් අයෙකුට පහරදීම සිදු කළ බවත් අනතුරින් දිවි බේරා ගත් එක් පුද්ගලයෙක් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අනතුරින් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරීවරයෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අලි පහරදීමෙන් මියගොස් ඇත්තේ හබරණ පලුගස්වැව ගල්කඩවල ප්‍රදේශයේ පදිංචි 68 වියෙහි පසුවූ දෙදරු පියෙක්.

අද (05) දහවල් ස්ථානීය පරික්ෂාවක් පලුගස්වැව හදිසි මරණ පරීක්ෂක කේ.බී නන්දසේන මහතා විසින් සිදු කරනු ලැබුවා.

වැඩිදුර පරීක්ෂණ ගනේවල්පොල වනජීවී නිලධාරීන් හා සීගිරිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14