AFC Banner
Empty Ad
Empty Ad

මැරතන් ධාවන ශූරී රෙබෙකා චෙප්ටෙගේ ගිනි තබා ඝාතනය කෙරේ

ඔලිම්පික් මැරතන් ධාවන ශූරී රෙබෙකා චෙප්ටෙගේව ඇයගේ හිටපු පෙම්වතා විසින් පෙට්‍රල් දමා ගිනි තබා තිබෙනවා.

එහිදී දැඩි පිළිස්සුම් තුවාල ලබා බරපතළ තත්ත්වයේ සිටි ඇය දින කිහිපයකය පසුව මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පැරිස් ඔලිම්පික් උලෙළේ දී තරග වැදුණු 33 හැවිරිදි උගන්ඩා ජාතික රෙබෙකා චෙප්ටෙගේයි පල්ලියේ සිට නිවසට පැමිණීමෙන් පසු ඇයව ඉලක්ක කරගෙන මෙම අපරාධය සිදුකර ඇති බවට තොරතුරු වාර්තාවනවා.

ප්‍රාදේශීය පරිපාලකයෙක් විසින් ගොනු කරන ලද වාර්තාවකින් ක්‍රීඩිකාව සහ ඇගේ හිටපු සහකරු ඉඩම් කැබැල්ලක් සම්බන්ධයෙන් ආරවුලක් ඇතිකරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඇයගේ මරණය පවුලේ අය විසින් තවමත් තහවුරු කර නොමැති නමුත් රෝහලේ ප්‍රධානී වෛද්‍ය ඔවේන් මෙනාච් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ, සියලුම අවයව අකර්මණ්‍ය වීමෙන් පසුව ඇය මියගිය බවයි.

චෙප්ටෙගෙයිගේ හිටපු පෙම්වතා ද පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර තිබෙනවා.

ඔහු තවමත් දැඩි සත්කාර ඒකකයේ පසුවන නමුත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.

මේ සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව‍යි විදෙස් මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
12
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?