මැරතන් ධාවන ශූරී රෙබෙකා චෙප්ටෙගේ ගිනි තබා ඝාතනය කෙරේ

ඔලිම්පික් මැරතන් ධාවන ශූරී රෙබෙකා චෙප්ටෙගේව ඇයගේ හිටපු පෙම්වතා විසින් පෙට්‍රල් දමා ගිනි තබා තිබෙනවා.

එහිදී දැඩි පිළිස්සුම් තුවාල ලබා බරපතළ තත්ත්වයේ සිටි ඇය දින කිහිපයකය පසුව මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පැරිස් ඔලිම්පික් උලෙළේ දී තරග වැදුණු 33 හැවිරිදි උගන්ඩා ජාතික රෙබෙකා චෙප්ටෙගේයි පල්ලියේ සිට නිවසට පැමිණීමෙන් පසු ඇයව ඉලක්ක කරගෙන මෙම අපරාධය සිදුකර ඇති බවට තොරතුරු වාර්තාවනවා.

ප්‍රාදේශීය පරිපාලකයෙක් විසින් ගොනු කරන ලද වාර්තාවකින් ක්‍රීඩිකාව සහ ඇගේ හිටපු සහකරු ඉඩම් කැබැල්ලක් සම්බන්ධයෙන් ආරවුලක් ඇතිකරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඇයගේ මරණය පවුලේ අය විසින් තවමත් තහවුරු කර නොමැති නමුත් රෝහලේ ප්‍රධානී වෛද්‍ය ඔවේන් මෙනාච් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ, සියලුම අවයව අකර්මණ්‍ය වීමෙන් පසුව ඇය මියගිය බවයි.

චෙප්ටෙගෙයිගේ හිටපු පෙම්වතා ද පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර තිබෙනවා.

ඔහු තවමත් දැඩි සත්කාර ඒකකයේ පසුවන නමුත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.

මේ සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව‍යි විදෙස් මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23