AFC Banner
Empty Ad
Empty Ad

ගෝඨාභය දුන් පොදු සමා තීරණයක් ගැන අධිකරණයෙන් නියෝගයක්

මිරිසුවිල් සමූහ මිනිස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි යුද හමුදා කෝප්‍රල් සුනිල් රත්නායක මහතාට සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ජනවාරි මස 15 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

අධිකරණයෙන් තොරතුරු වාර්තා වන පරිදි අදාළ සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ගේ පවුලේ සාමාජිකයින්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය අම්බිකා සත්කුණනාදන් ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම කැඳවු අවස්ථාවේ දී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීම සඳහා ද අධිකරණය විසින් කල් ලබා දී තිබෙනවා.

යාපනය මිරියුවිල් ප්‍රදේශයේ දී වයස අවුරුදු පහක් වයසැති දරුවකු සහ යුද්ධයෙන් අවතැන්ව සිටි සිවිල් පුරවැසියන් හත් දෙනකු කපා කොටා ඝාතනය කිරීමේ චෝදනාවලට වරදකරු කරනු ලැබූ යුද හමුදා සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නොතිසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මැයි (17) වැනිදා නියෝග කර තිබුණා.

යසන්ත කෝදාගොඩ සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

ජනාධිපති පොදු සමාව ලැබූ සුනිල් රත්නායකට ද එම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම්; ජනවාරි 15ට පෙර ඉදිරිපත් කරන ලෙස‍යි විනිසුරු මඬුල්ල නියෝග කළේ.

2000.12.19 වැනිදා සිදු වූ අපරාධ සම්බන්ධයෙන් සුනිල් රත්නායක ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඔහුට මරණීය දණ්ඩනය නියම කළා.

එම නියෝගය අභියෝගයට ලක්කරමින් සුනිල් රත්නායක ගොනු කර තිබූ අභියාචනාවක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය 2017 මැයි 20 වැනිදා මහාධිකරණ තීන්දුව තහවුරු කර තිබෙනවා.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 මාර්තු 26 වැනිදා ජනාධිපති පොදු සමාව යටතේ එම විත්තිකරු මුදාහැරීමට කටයුතු කෙරුණා.

හිටපු ජනාධිපතිවරයා එම පොදු සමාව ලබා දී ඇත්තේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා කළ කරුණු දැක්වමින් සඳහන් කළා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
6
+1
23
+1
3
+1
10
+1
3
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරුණිකා මැද කොළඹ දෙවනක් කළ කතාව - ඒ කටේ සද්දෙනම් ඉවරයක් නෑ#hirunika_premachandra #sjb
02:56
Video thumbnail
අවසන් මැතිවරණ රැළියේ සජිත් ප්‍රේමදාස කළ සුපිරි කතාව #sajithpremadasa
06:28
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
01:48
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31

?