ගෝඨාභය දුන් පොදු සමා තීරණයක් ගැන අධිකරණයෙන් නියෝගයක්

මිරිසුවිල් සමූහ මිනිස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි යුද හමුදා කෝප්‍රල් සුනිල් රත්නායක මහතාට සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ජනවාරි මස 15 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

අධිකරණයෙන් තොරතුරු වාර්තා වන පරිදි අදාළ සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ගේ පවුලේ සාමාජිකයින්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය අම්බිකා සත්කුණනාදන් ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම කැඳවු අවස්ථාවේ දී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීම සඳහා ද අධිකරණය විසින් කල් ලබා දී තිබෙනවා.

යාපනය මිරියුවිල් ප්‍රදේශයේ දී වයස අවුරුදු පහක් වයසැති දරුවකු සහ යුද්ධයෙන් අවතැන්ව සිටි සිවිල් පුරවැසියන් හත් දෙනකු කපා කොටා ඝාතනය කිරීමේ චෝදනාවලට වරදකරු කරනු ලැබූ යුද හමුදා සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නොතිසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මැයි (17) වැනිදා නියෝග කර තිබුණා.

යසන්ත කෝදාගොඩ සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

ජනාධිපති පොදු සමාව ලැබූ සුනිල් රත්නායකට ද එම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම්; ජනවාරි 15ට පෙර ඉදිරිපත් කරන ලෙස‍යි විනිසුරු මඬුල්ල නියෝග කළේ.

2000.12.19 වැනිදා සිදු වූ අපරාධ සම්බන්ධයෙන් සුනිල් රත්නායක ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඔහුට මරණීය දණ්ඩනය නියම කළා.

එම නියෝගය අභියෝගයට ලක්කරමින් සුනිල් රත්නායක ගොනු කර තිබූ අභියාචනාවක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය 2017 මැයි 20 වැනිදා මහාධිකරණ තීන්දුව තහවුරු කර තිබෙනවා.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 මාර්තු 26 වැනිදා ජනාධිපති පොදු සමාව යටතේ එම විත්තිකරු මුදාහැරීමට කටයුතු කෙරුණා.

හිටපු ජනාධිපතිවරයා එම පොදු සමාව ලබා දී ඇත්තේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා කළ කරුණු දැක්වමින් සඳහන් කළා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටියා.

  1. වචන ගැසට් කියලා හිතලා නිසි කාර්යපටිපාටිය අනුගමය නොකරපු මෝඩ වැඩ.
    අමානුෂික මිනී මරුවන්ට සමාව දීම අපරාධයක්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26