එකලස් කරන ලද වාහන ලියාපදිංචි නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් විශේෂ තීන්දුවක්

ශ්‍රේෂ්ඨාධිකරණයට මෙයට වසර 12කට පෙර ලබා දුන් අධිකරණ තීන්දුව අනුව ක්‍රියා නොකිරීම
අත්තනෝමතික, නීති විරෝධී, අසාධාරණ සහ ද්වේශ සහගත ක්‍රියාවක් බව තින්දු කළ අභියාචනාධිකරණය මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතාට දැඩිව දෝෂාරෝපණය සිදු කළා.

2020 වසරේ දි මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා විසින් පුද්ගලයින් 41 දෙනෙකුගේ වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් එම පුද්ගලයින් 41 දෙනා අභියාචනාධිකරණය හමුවේ පවරන ලද නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා අද (02) මෙම නියෝගය නිකුත් කෙරුණා.

පිටු 14කින් යුතු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා නියෝග කළේ එම වාහන ඔක්තෝම්බර් මස 31 වනදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසයි.

එම පෙත්සමේ 17 වන වගඋත්තරකරු වන මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා ඊට අමතරව එක් එක් පෙත්සම්කරු හට රුපියල් 10,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් අභියාචනාධිකරණය නියෝග කළා.

සිය එකලස් කරන ලද වාහන ලියාපදිංචිය නොකිරීම සම්බන්ධයෙන් ආර්.එස්.ජමිල් ඇතුලු පුද්ගලයින් 41 දෙනෙකු එවකට හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, නිමල් සිරිපාල ද සිල්වා මහතා, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ව්මල් විරවංශ ඇතුලු වගඋත්තරකරුවන් 20 දෙනෙකු නම් කරමින් එම පෙත්සම 2020 ගොනු කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, එකලස් කරන ලද වාහන ලියාපදිංචි කරන ලෙස මීට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇති අතර එවැනි වාහන ලියාපදිංචි කිරීම සඳහා 2016 වසරේ නොවැම්බර් මස 09 වනදා අමාත්‍ය මණ්ඩල තීරණයක් ද ගෙන තිබූ බවයි.

එවැනි නීතිමය පසුබිමක් තුළ තම වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ගත් තීරණය නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් සඳහන් කර තිබුණා.

එහෙත් එම පෙත්සමට එරෙහිව මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා පැවසුවේ; අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබෙන්නේ එකලස් කරන ලද වාහන 2,250ක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පමණක් බවත් ඒ යටතේ මෙම නඩුකරයට පාදක වන වාහන ලියාපදිංචි කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවයි.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා අත්තනෝමතික සහ අනීතික ලෙස අදාළ වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පෙත්සම්කරුවන්ගේ නීතිමය අපේක්ෂාවන් උල්ලංඝනය වී ඇති බවයි.

එසේම අදාළ වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට හේතු ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වී ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළා.

ඒ අනුව අදාළ වාහන වහාම ඔක්තෝබර් මස 31 වනදාට පෙර ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළ විනිසුරුවරයා පෙත්සම්කරුවන්ට රුපියල් 10,000/- බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බවත් රජයට නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ලක්මාල් සූරියගොඩ මහතා සමග නීතිඥ සඳමල් රාජපක්ෂ මහතා පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18