AFC Banner
Empty Ad
Empty Ad

තරුණ කතකගේ ජීවිතයක් නැතිකරගෙන ම උසස් පාසල් සිසුවියක් දිවි නසාගනී

ජපානයේ යොකොහාමා නගරයේ සාප්පු සංකීර්ණයකින් බිමට පැන 17 හැවිරිදි උසස් පාසල් සිසුවියක් සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙම සිසුවිය සාප්පු සංකීර්ණයකින් බිමට පනින අවස්ථාවේ දී පහළින් ගමන් කළ තරුණ කතාවක් මතට වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී අසාධ්‍ය තත්ත්වයේ සිටි දෙදෙනා ම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර,ඉන් පැයකට පසුව සිසුවිය මිය ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඉන් සුළු වේලාවකට පසු බරපතළ තත්ත්වයේ සිටි 32 හැවිරිදි කාන්තාව ද මියගොස් ඇති බව සඳහන්.

මෙම උසස් පාසල් සිසුවිය මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පසුගිය වසරේ පමණක් ජපානයේ ළමුන් 513ක් සියදිවි නසා ගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඊට වඩාත් පොදු සාධකය ලෙස දක්වා ඇත්තේ පාසල් ගැටළුවයි.

මේ අතර වෙනත් දිනවලට සාපේක්ෂව ඊයේ (01) දිනයේ ජපානයේ වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් සියදිවි නසාගෙන ඇති බවට වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
9
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?