නඩු බඩු කාමරයෙන් කුඩු ඉස්සූ සැකකාර හිටපු භාරකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ රුපියල් මිලියන 240ක් පමණ වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 12ක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම නඩු බඩු කාමරයේ හිටපු භාරකරුවෙකු සැප්තැම්බර් මස 04 දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (30) අවසර ලබා දුන්නා.

එම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා කර තිබූ නියෝගයක් අනුව එම දෙපාර්තමේන්තුව මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටි තරිඳු යෝෂිත නැමැති පුද්ගලයෙකු නඩුබඩු කාමරයේ තිබූ එම හෙරොයින් තොගය උසාවි නියෝගයකින් තොරව රැගෙන ගොස් ඇති බව මෙතෙක් සිදුකළ විමර්ශනවල දී අනාවරණයවී ඇති බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනී සිට එම කුඩු තොගය රැගෙන ගිය නිලධාරියා කවුද මෙම සැකකාර පුද්ගලයාගේ පූර්ණ මැදිහත්වීමක් මත එම කුඩු තොගය රැගෙන ගොස් තිබේ ද යන්න පිළිබඳව මෙන්ම එම කුඩු තොගයට කුමක් සිදුකර තිබේ ද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් කිරීම සඳහා සැකකාර පුද්ගලයාව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස ද එම දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය වෙත දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේත්‍රාත්වරයා සැකකාර පුද්ගලයා සැප්තැම්බර් මස 04 දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදුන් අතර, සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03