චමරිගේ වටිනා ඉනිමෙන් 2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් ශූරතාව බාබඩෝස් රාජකීයන්ට

කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස අවසන් මහා තරගයේ ශූරතාව හිමිකර ගන්නට බාබඩෝස් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 04කින් පරාජය කරමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ බාබඩෝස් රෝයල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ට්‍රින්බෑගෝ පිළිට ලබා දුන්නා.

එහිදී ට්‍රින්බෑගෝ ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 93ක් පමණයි.

පන්දු යැවීමේ දී ආලියා ඇලයින් පන්දුවාර 04 තුළ ලකුණු 21ක් පමණක ලබා දෙමින් කඩුලු 04ක් බිඳ දැමුවා.

චමරි අතපත්තු පන්දුවාර තුනක් යවමින් ප්‍රතිවාදීන්ට ලකුණු 20ක් ලබා දුන්නා.

අනතුරුව ලකුණු 94ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට බාබඩෝස් නායිකා හේලි මැතිව්ස් සහ චමරි අතපත්තු පිරියට පිවිසියා.

එහිදී චමරි ඉවසිලිවන්ත ඉනිමක් දියත් කරමින් පන්දු 47ක් තුළ හතරේ පහර 07ක් සමඟින් නොදැවී ලකුණු 39ක් රැස්කරමින් බාබඩෝස් ජයග්‍රහණයට මාවත සකසා දුන්නා.

අවසානයේ ලකුණු 94ක ඉලක්කය පන්දුවාර 15ක් තුළ කඩුලු 06ක් පමණක් දැවී පසුකර ගිය බාබඩෝස් රෝයල්ස් කණ්ඩායම අවසන් මහා තරගය ජයගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
3
+1
87
+1
5
+1
2
+1
4
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?