චමරිගේ වටිනා ඉනිමෙන් 2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් ශූරතාව බාබඩෝස් රාජකීයන්ට

කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස අවසන් මහා තරගයේ ශූරතාව හිමිකර ගන්නට බාබඩෝස් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 04කින් පරාජය කරමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ බාබඩෝස් රෝයල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ට්‍රින්බෑගෝ පිළිට ලබා දුන්නා.

එහිදී ට්‍රින්බෑගෝ ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 93ක් පමණයි.

පන්දු යැවීමේ දී ආලියා ඇලයින් පන්දුවාර 04 තුළ ලකුණු 21ක් පමණක ලබා දෙමින් කඩුලු 04ක් බිඳ දැමුවා.

චමරි අතපත්තු පන්දුවාර තුනක් යවමින් ප්‍රතිවාදීන්ට ලකුණු 20ක් ලබා දුන්නා.

අනතුරුව ලකුණු 94ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට බාබඩෝස් නායිකා හේලි මැතිව්ස් සහ චමරි අතපත්තු පිරියට පිවිසියා.

එහිදී චමරි ඉවසිලිවන්ත ඉනිමක් දියත් කරමින් පන්දු 47ක් තුළ හතරේ පහර 07ක් සමඟින් නොදැවී ලකුණු 39ක් රැස්කරමින් බාබඩෝස් ජයග්‍රහණයට මාවත සකසා දුන්නා.

අවසානයේ ලකුණු 94ක ඉලක්කය පන්දුවාර 15ක් තුළ කඩුලු 06ක් පමණක් දැවී පසුකර ගිය බාබඩෝස් රෝයල්ස් කණ්ඩායම අවසන් මහා තරගය ජයගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41