යුක්‍රේනයේ සිටි ජ්‍යේෂ්ඨතම ගුවන් නියමුවා මරුට

යුක්‍රේන – රුසියානු යුද ගැටුම් මධ්‍යයේ යුක්‍රේනයට තවත් අවාසිදායක ඉරණමකට මුහුණදීමට සිදු ව තිබෙනවා.

ඒ එරට ගුවන් හමුදාවේ සිටි ජ්‍යේෂ්ඨතම සහ දක්ෂතම ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්වීමයි.

එම ගුවන් නියමුවා එක්සත් ජනපදයේ නිෂ්පාදිත F-16 ප්‍රහාරක ජෙට් යානයක ප්‍රධාන ගුවන් නියමුවා වශයෙන් කටයුතු කර තිබෙනවා.

CNN පුවත් සේවය වාර්තා කරන්නේ; මෙම ගුවන් නියමුවා ගමන් ගත් ජෙට් යානය කඩා වැටී ඇති අතර; එහිදී ඔහු පිළිස්සුම් තුවාල ලබා ජීව්තක්ෂයට පත්ව ඇති බවයි.

කෙසේවෙතත් යුක්රේන ආරක්ෂක හමුදා මෙම සිද්ධිය පිටුපස නියමුවාගේ වරදක් සිදු වූ බව විශ්වාස නොකරන බවට ද වාර්තාවනවා.

යුක්රේනයට එරෙහිව රුසියාව විසින් එල්ල කරන ලද “විශාලතම ගුවන් ප්‍රහාරය මැඩපැවැත්වීම” අතරතුරදී Oleksiy Mes (Moonfish – සිය සමකාලීනයන් ඔහුව හඳුන්වා ඇත්තේ මෙනමිනි) නමැති මෙම ගුවන් නියමුවා ඊයේ (29) ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වූයේ.

ලුතිතන් කර්නල් මෙස් යුක්රේන F-16 වැඩසටහනේ පළමු ගුවන් නියමුවෙකු වූ අතර යුක්රේන ගුවන් හමුදාවේ හොඳම ගුවන් නියමුවන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17