නාවික හමුදාව දෙදිනක දී සිදු කළ මෙහෙයුම්වලින් බීඩිකොළ තොගයක් සොයා ගැනේ

ඩෙල්ෆ් දූපතේ – උරිමුනේ වෙරළ තීරයේ සහ කල්පිටිය කුඩාව කලපු තීරයේ පෙරේදා (28) සහ ඊයේ (29) දින සිදු කළ විශේෂ මෙහෙයුම්වලදී තෙත බර සහිතව සූක්ෂ්මව මෙරටට ගෙන ආ බීඩිකොළ තොගයක් සොයා ගැනීමට හැකි ව තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ; එම වැටලීමේ දී බීඩිකොළ කිලෝග්‍රෑම් 1076කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවයි.

එමෙන්ම මෙම බීඩිකොළ මෙරටට ගෙන ඒමට උදව් කරගත්තා යැයි සැලකෙන ඩිංගි යාත්‍රා දෙකක් සහ තෙප්පමක් ද සොයා ගැනුණා.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් මෙම වැටලීම සිදුකරනු ලැබුවා.

ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය මගින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇති අතර, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය, ඩිංගි යාත්‍රා දෙක සහ තෙප්පම ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?