නාවික හමුදාව දෙදිනක දී සිදු කළ මෙහෙයුම්වලින් බීඩිකොළ තොගයක් සොයා ගැනේ

ඩෙල්ෆ් දූපතේ – උරිමුනේ වෙරළ තීරයේ සහ කල්පිටිය කුඩාව කලපු තීරයේ පෙරේදා (28) සහ ඊයේ (29) දින සිදු කළ විශේෂ මෙහෙයුම්වලදී තෙත බර සහිතව සූක්ෂ්මව මෙරටට ගෙන ආ බීඩිකොළ තොගයක් සොයා ගැනීමට හැකි ව තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ; එම වැටලීමේ දී බීඩිකොළ කිලෝග්‍රෑම් 1076කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවයි.

එමෙන්ම මෙම බීඩිකොළ මෙරටට ගෙන ඒමට උදව් කරගත්තා යැයි සැලකෙන ඩිංගි යාත්‍රා දෙකක් සහ තෙප්පමක් ද සොයා ගැනුණා.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් මෙම වැටලීම සිදුකරනු ලැබුවා.

ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය මගින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇති අතර, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය, ඩිංගි යාත්‍රා දෙක සහ තෙප්පම ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11