AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශකවරයා දිවයිනට

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක (NSA) අජිත් දොවාල් (Ajit K. Doval) දිවයිනට පැමිණ තිබෙනවා.

අද (29) උදෑසන ඔහු කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

නිල ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු දැනට ක්‍රියාත්මක වන Colombo Security Conclave (CSC) මුලපිරීම පිළිබඳ පසු විපරමක් සඳහා මෙරටට පැමිණි බවයි.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයාගේ සංචාරය පිළිබඳ ව මෙතෙක් නිල ප්‍රකාශයක් නොමැති අතර කොළඹ පදනම් කරගත් දේශපාලන මූලාශ්‍ර, විවිධ දේශපාලන පක්ෂ සමග ද රැස්වීම්වලට සහභාගි වීමට නියමිත බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?