ICC යේ ළාබාලතම සභාපති නිතරගයෙන් පත්වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට නිතරගයෙන් ජේ. ෂා තේරී පත් ව තිබෙනවා.

Greg Barclay වෙනුවටයි ජේ.ෂා මෙම තනතුරට අද (27) තේරී පත් ව ඇත්තේ.

ඔහු සිය නව ධුරයේ වැඩ කටයුතු දෙසැම්බර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මේ වනවිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩයේ (BCCI) ලේකම්වරයා ලෙස කටයුතු කරනවා.

ජේ. ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති බවට පත් වූ ළාබාලතම පුද්ගලයා ද වනවා.

මේ වනවිට 35 හැවිරිදි වියෙහි පසුවන ජේ. ෂා 2020 වසරේ සිට වාර දෙකක් ICC සභාපතිවරයා ලෙස කටයුතු කළ Barclay වෙනුවටයි පත් ව ඇත්තේ.

Barclay ඉල්ලුම් කර තිබුණේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තෙවැනි වාරය සඳහා යි.

නමුත් හෙතෙම මෙවර යළිත් සභාපති ධුරයට තරග නොකරන බවට දැනුම්දී තිබෙනවා.

ඉන් පසුවයි ජේ. ෂා හට මෙම අවස්ථාව හිමිව ඇත්තේ.

ICC සභාපතිවරයා සඳහා නාමයෝජනා ගොනු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයට අගෝස්තු 27 දක්වා කාලය තිබූ අතර එක් අපේක්ෂකයෙකුට වඩා නම් කළහොත් පමණක් මැතිවරණයක් පැවතිය හැකි නමුත් කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීම මත ජේ. ෂා හට මෙම අවස්ථාව උදා වී ඇති බවයි වාර්තා වන්නේ.

තමන්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස නම් කිරීම ගැන තමන් නිහතමානීව සතුටු වන බවත්; ඉදිරියේ දී ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ගෝලීයකරණය කිරීම සඳහා ICC කණ්ඩායම සහ අපගේ සාමාජික රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට තමන් ඇපකැප වන බව ද ජේ. ෂා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38