AFC Banner
Empty Ad
Empty Ad

මැරුණු තරුණයා මළේ නැතැයි ඥනීහු රෝහලේ යකා නටයි

අලුත්‌ අවුරුදු දා මධ්‍යම රාත්‍රියේ දී පිළියන්දල,කොස්වත්ත, කොට්ටාව පාරේදී අනතුරට ලක්ව මිය ගිය තරුණයා මියගොස්‌ නොමැති බව පවසමින්‌ පිළියන්දල දිසාරෝහලට පැමිණි සමීප ඥාතීන්‌ කෑ කෝ ගසමින්‌ හැසුරුණු බව
පිළියන්දල පොලිසිය කීයයි.

අනතුරින්‌ මියගොස්‌ ඇත්තේ පිළියන්දල, මඩපාත. බෙරවාචල පදිංචිව සිටි ඛනිජ තෙල්‌ නීතිගත සංස්ථාවේ සේවය කරන ප්‍රමුදිත්‌ සායක්කාර (24) නමැති තරුණයා බව පොලිසිය පැවැසීය. මියගිය තරුණයා පිළියන්දල, විශ්වකලාව ප්‍රදේශයේ සහෝදරියගේ නිවසේ පැවති අවුරුදු සාදයකට සහභාගී වී යළි නිවෙස කරා කොට්ටාව
මාර්ගයේ පිළියන්දල මිරිස්වත්ත දෙසට යතුරුපැදියෙන්‌ පැමිණෙමින්‌ සිටියදී යතුරුපැදිය මාර්ගයෙන්‌ පිටතට පැන
වෙළෙඳසලක්‌ ඉදිරිපිට හරහට දමා තිබූ යකඬ දම්වැල ද කඩාගෙන ගොස්‌ තාප්පයක ගැටී මෙම අනතර වී තිබූ
බව පොලිසිය කීය.

සිදුවූ අනතුරත් සමග ම බරපතළ තුවාල ලද තරුණයා පිළියන්දල දිසා රෝහලට යොමු කර ඇති බව දැනගත්‌ ලාතීහු විශාල පිරිසක්‌ රෝහල ” කරා පැමිණ තරුණයා මිය නොගිය ඛව පවසමින්‌ කෑකෝ ගසා ඇතැයි පොලිසිය
සඳහන්‌ කළේය. පිළියන්දල පොලීසියේ නිලධාරීන්‌ හදිසි මරණ පරීක්ෂක අජිත්‌ විජේසිංහ මහනා ‘සමඟ රෝහලට පැමිණ එලෙස හැසිරෙමින්‌ සිටි පිරිසට කරුණු පහදාදීමෙන්‌ අනතුරුව ඔවුන්‌ පිට වී ගිය බව රෝහල්‌ ප්‍රකංශකයෙක්‌ පැවැසීය. සිදු වූ අනතුරෙන්‌ යතුරුපැදිය ගැටුණු තාප්පයේ කොටසකට දැඩි හානි සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කලේය. සිද්ධිය වු ස්ථානයට සහ පිළියන්දල දිසා රෝහලට පැමිණි පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත්‌ විජේසිංහ මහතා මියගිය තරුණයාගේ මළ සිරුර පි.සි.ආර්‌. පරීක්ෂණ කටයුතු ‘සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කරන ලෙස පොලිසියට නියෝග කළේය.

පිළියන්දල පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති අශෝක විජේසූරිය මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ සැරයන්‌ (40619) අතපත්තු, කොස්තාපල්වරුන්‌ වන 92443 තූෂාර, 93671 සනත්‌ යන මහත්වරු පරීක්ෂණ
පවත්වති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45

?