මැරුණු තරුණයා මළේ නැතැයි ඥනීහු රෝහලේ යකා නටයි

අලුත්‌ අවුරුදු දා මධ්‍යම රාත්‍රියේ දී පිළියන්දල,කොස්වත්ත, කොට්ටාව පාරේදී අනතුරට ලක්ව මිය ගිය තරුණයා මියගොස්‌ නොමැති බව පවසමින්‌ පිළියන්දල දිසාරෝහලට පැමිණි සමීප ඥාතීන්‌ කෑ කෝ ගසමින්‌ හැසුරුණු බව
පිළියන්දල පොලිසිය කීයයි.

අනතුරින්‌ මියගොස්‌ ඇත්තේ පිළියන්දල, මඩපාත. බෙරවාචල පදිංචිව සිටි ඛනිජ තෙල්‌ නීතිගත සංස්ථාවේ සේවය කරන ප්‍රමුදිත්‌ සායක්කාර (24) නමැති තරුණයා බව පොලිසිය පැවැසීය. මියගිය තරුණයා පිළියන්දල, විශ්වකලාව ප්‍රදේශයේ සහෝදරියගේ නිවසේ පැවති අවුරුදු සාදයකට සහභාගී වී යළි නිවෙස කරා කොට්ටාව
මාර්ගයේ පිළියන්දල මිරිස්වත්ත දෙසට යතුරුපැදියෙන්‌ පැමිණෙමින්‌ සිටියදී යතුරුපැදිය මාර්ගයෙන්‌ පිටතට පැන
වෙළෙඳසලක්‌ ඉදිරිපිට හරහට දමා තිබූ යකඬ දම්වැල ද කඩාගෙන ගොස්‌ තාප්පයක ගැටී මෙම අනතර වී තිබූ
බව පොලිසිය කීය.

සිදුවූ අනතුරත් සමග ම බරපතළ තුවාල ලද තරුණයා පිළියන්දල දිසා රෝහලට යොමු කර ඇති බව දැනගත්‌ ලාතීහු විශාල පිරිසක්‌ රෝහල ” කරා පැමිණ තරුණයා මිය නොගිය ඛව පවසමින්‌ කෑකෝ ගසා ඇතැයි පොලිසිය
සඳහන්‌ කළේය. පිළියන්දල පොලීසියේ නිලධාරීන්‌ හදිසි මරණ පරීක්ෂක අජිත්‌ විජේසිංහ මහනා ‘සමඟ රෝහලට පැමිණ එලෙස හැසිරෙමින්‌ සිටි පිරිසට කරුණු පහදාදීමෙන්‌ අනතුරුව ඔවුන්‌ පිට වී ගිය බව රෝහල්‌ ප්‍රකංශකයෙක්‌ පැවැසීය. සිදු වූ අනතුරෙන්‌ යතුරුපැදිය ගැටුණු තාප්පයේ කොටසකට දැඩි හානි සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කලේය. සිද්ධිය වු ස්ථානයට සහ පිළියන්දල දිසා රෝහලට පැමිණි පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත්‌ විජේසිංහ මහතා මියගිය තරුණයාගේ මළ සිරුර පි.සි.ආර්‌. පරීක්ෂණ කටයුතු ‘සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කරන ලෙස පොලිසියට නියෝග කළේය.

පිළියන්දල පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති අශෝක විජේසූරිය මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ සැරයන්‌ (40619) අතපත්තු, කොස්තාපල්වරුන්‌ වන 92443 තූෂාර, 93671 සනත්‌ යන මහත්වරු පරීක්ෂණ
පවත්වති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09