විදෙස් ගතව සිට පැමිණි අයෙකුගේ මළ සිරුරක් වවුනියාවේ නිවසක (ඡායාරූප)

විදෙස් ගතව සිට පැමිණි ශ්‍රී ලාංකික පුද්ගලයෙකුගේ මළ සිරුරක් වවුනියාව, කනගරායන්කුලම, සින්නඅඩම්පන් ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි 66 හැවිරිදි වියේ පසු වූ සෙල්ලදුරෙයි නිමලනාදන් නැමැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් බවයි පොලිසිය පවසන්නේ.

වවුනියාව, කනගරායන්කුලම, සින්නඅඩම්පන් ප්‍රදේශයේ කෝවිලක වාර්ෂික උත්සවයකට සහභාගී වීමට පසුගිය 25 වනදා මෙම පුද්ගලයා දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ ඥාති නිවසක නවාතැන් ගැනීමට ගොස් ඇති අවස්ථාවේ මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ කණ්ඩායමක් පැමිණ තමන්ට සහ ඥාතියාට පහර දුන් බවයි.

එහිදී ඥාතියා මියගිය බවට ඔහු වැඩිදුරටත් පොලිසියට පවසා තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ වවුනියාව වැඩබලන මහේස්ත්‍රාත් ටි.තිරුවරුල් මහතා විසින් ඊයේ (26) පස්වරුවේ පැවැත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්