විදෙස් ගතව සිට පැමිණි අයෙකුගේ මළ සිරුරක් වවුනියාවේ නිවසක (ඡායාරූප)

විදෙස් ගතව සිට පැමිණි ශ්‍රී ලාංකික පුද්ගලයෙකුගේ මළ සිරුරක් වවුනියාව, කනගරායන්කුලම, සින්නඅඩම්පන් ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි 66 හැවිරිදි වියේ පසු වූ සෙල්ලදුරෙයි නිමලනාදන් නැමැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් බවයි පොලිසිය පවසන්නේ.

වවුනියාව, කනගරායන්කුලම, සින්නඅඩම්පන් ප්‍රදේශයේ කෝවිලක වාර්ෂික උත්සවයකට සහභාගී වීමට පසුගිය 25 වනදා මෙම පුද්ගලයා දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ ඥාති නිවසක නවාතැන් ගැනීමට ගොස් ඇති අවස්ථාවේ මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ කණ්ඩායමක් පැමිණ තමන්ට සහ ඥාතියාට පහර දුන් බවයි.

එහිදී ඥාතියා මියගිය බවට ඔහු වැඩිදුරටත් පොලිසියට පවසා තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ වවුනියාව වැඩබලන මහේස්ත්‍රාත් ටි.තිරුවරුල් මහතා විසින් ඊයේ (26) පස්වරුවේ පැවැත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00