AFC Banner
Empty Ad
Empty Ad

ඉම්රාන් ඛාන් හමුදා අධිකරණයක් හමුවට

මැයි 9 කැරැල්ල සම්බන්ධයෙන් හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ නඩු හමුදා අධිකරණයට යා හැකි බව පාකිස්තාන රජයේ නීති කටයුතු පිළිබඳ ප්‍රකාශක අකීල් මලික් පවසනවා.

පසුගිය වසරේ මැයි 9 වන දින දූෂණ නඩුවක් සම්බන්ධයෙන් ඉම්රාන් ඉස්ලාමාබාද් මහාධිකරණයෙන් වරදකරු කිරීමෙන් පසු රටපුරා විරෝධතා පැන නැගුණා.

විරෝධතා අතරතුර හමුදා නිලධාරීන්ගේ නිවාස සහ කාර්යාල රැසක් ද ප්‍රහාරයට ලක් වුණා.

ඩෝන් විසින් වාර්තා කරන ලද පරිදි, දැනටමත් සිරගත කර සිටින හිටපු අගමැති මෙම නඩු සඳහා “අත්අඩංගුවට” ගනු ලැබුවේ ජූලි 15 වැනිදායි.

මැයි 9 වන දින දක්නට ලැබුණු සිදුවීම් සහ විනාශකාරී ක්‍රියා හේතුවෙන් හමුදා ස්ථානවලට පහර දී හානි සිදු වූ බැවින් හමුදා පනත ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අකීල් මලික් පැවසුවා.

පසුගිය වසරේ ඇති වූ කැරලි “සංවිධානය” සහ “ක්‍රියාත්මක කිරීම” ඉම්රාන් ඛාන් සම්බන්ධ බවට මලික් වැඩිදුරටත් චෝදනා කළා.

“මේක කලින් සැලසුම් කරපු එකක්.,” මලික් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?