ඉම්රාන් ඛාන් හමුදා අධිකරණයක් හමුවට

මැයි 9 කැරැල්ල සම්බන්ධයෙන් හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ නඩු හමුදා අධිකරණයට යා හැකි බව පාකිස්තාන රජයේ නීති කටයුතු පිළිබඳ ප්‍රකාශක අකීල් මලික් පවසනවා.

පසුගිය වසරේ මැයි 9 වන දින දූෂණ නඩුවක් සම්බන්ධයෙන් ඉම්රාන් ඉස්ලාමාබාද් මහාධිකරණයෙන් වරදකරු කිරීමෙන් පසු රටපුරා විරෝධතා පැන නැගුණා.

විරෝධතා අතරතුර හමුදා නිලධාරීන්ගේ නිවාස සහ කාර්යාල රැසක් ද ප්‍රහාරයට ලක් වුණා.

ඩෝන් විසින් වාර්තා කරන ලද පරිදි, දැනටමත් සිරගත කර සිටින හිටපු අගමැති මෙම නඩු සඳහා “අත්අඩංගුවට” ගනු ලැබුවේ ජූලි 15 වැනිදායි.

මැයි 9 වන දින දක්නට ලැබුණු සිදුවීම් සහ විනාශකාරී ක්‍රියා හේතුවෙන් හමුදා ස්ථානවලට පහර දී හානි සිදු වූ බැවින් හමුදා පනත ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අකීල් මලික් පැවසුවා.

පසුගිය වසරේ ඇති වූ කැරලි “සංවිධානය” සහ “ක්‍රියාත්මක කිරීම” ඉම්රාන් ඛාන් සම්බන්ධ බවට මලික් වැඩිදුරටත් චෝදනා කළා.

“මේක කලින් සැලසුම් කරපු එකක්.,” මලික් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56