AFC Banner
Empty Ad
Empty Ad

විමලවීරගේ සහායත් රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායකගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලබාදීමට තීරණය කර තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ අද (26) පස්වරුවේ දී මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා හමුවී සිය නිල තීරණය දැනුම්දුන් බවයි.

කොළඹ, මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේ දී මන්ත්‍රීවරයා හා ජනාධිපති අතර හමුවක් සිදු වූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් දේශපාලනය සිදු කළ මන්ත්‍රී විමලවීර මින් ඉදිරියට වත්මන් ජනාධිපතිවරයා සමග එක්වනු ඇති.

මන්ත්‍රී විමලවීර දිසානායක යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?