විමලවීරගේ සහායත් රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායකගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලබාදීමට තීරණය කර තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ අද (26) පස්වරුවේ දී මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා හමුවී සිය නිල තීරණය දැනුම්දුන් බවයි.

කොළඹ, මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේ දී මන්ත්‍රීවරයා හා ජනාධිපති අතර හමුවක් සිදු වූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් දේශපාලනය සිදු කළ මන්ත්‍රී විමලවීර මින් ඉදිරියට වත්මන් ජනාධිපතිවරයා සමග එක්වනු ඇති.

මන්ත්‍රී විමලවීර දිසානායක යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17