රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර මිත්‍යා සහගත බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසනවා.
මෙම ආයතන තුනෙහිම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90ක් පමණක් බව පෙන්වා දුන් ඒ මහතා ලෝකයේ ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් 3%-5% ක් අතර හිඟ බදු ප්‍රමාණයක් පවතින බවද සඳහන් කළා.
හෙතෙම මෙම අදහස් පළ කළේ, “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (26) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී මෙම සාකච්ඡාවට එක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් (බදු ප්‍රතිපත්ති, ජාත්‍යන්තර කටයුතු සහ නීති) සමන් ශාන්ත මහතා ප්‍රකාශ කර සිටියේ, රට යථා තත්ත්වයට පත් වීමත් සමග පසුගිය වසරේ සිට බදු ආදායම් ඉලක්ක ඉක්මවා කටයුතු කිරීමට හැකි වුණු බවයි.














Because of these roughs people are starving and facing to lot of hardships. He should be probed and punished if the statement is wrong.