“හිඟ බදු විශාල ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාරය මිත්‍යාවක්” – සුරාබදු කොමසාරිස් ජනරාල්

රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර මිත්‍යා සහගත බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසනවා.

මෙම ආයතන තුනෙහිම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90ක් පමණක් බව පෙන්වා දුන් ඒ මහතා ලෝකයේ ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් 3%-5% ක් අතර හිඟ බදු ප්‍රමාණයක් පවතින බවද සඳහන් කළා.

හෙතෙම මෙම අදහස් පළ කළේ, “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (26) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී මෙම සාකච්ඡාවට එක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් (බදු ප්‍රතිපත්ති, ජාත්‍යන්තර කටයුතු සහ නීති) සමන් ශාන්ත මහතා ප්‍රකාශ කර සිටියේ, රට යථා තත්ත්වයට පත් වීමත් සමග පසුගිය වසරේ සිට බදු ආදායම් ඉලක්ක ඉක්මවා කටයුතු කිරීමට හැකි වුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
10
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එක යන්න දෙන්නේ නෑ - මූ බීලා ඉන්නේ, බස් එකෙන් බස්සන්න
02:47
Video thumbnail
අක්කර 20ක් වඩා විනාශ කළ කඳු රක්ෂිතයේ ගින්න
01:30
Video thumbnail
පොහොසත් රටක් නෑ, පොහොසත් ආණ්ඩුවක් තියෙන්නේ
07:58
Video thumbnail
ශ්‍රී ලංකා මුස්ලිම් කාන්තා සංගමයේ 90 වන සංවත්සරය අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් සමරයි
01:29
Video thumbnail
නාමල්, ජනපති අනුරට දාපු කින්ඩිය - 75%ක් ජනපතිට කැමතියි ලු, හිනාවෙන්න එපා
11:46
Video thumbnail
නාමල්ගේ ගමනට පොලිස් නිලධාරියෙක් හරස් වෙයි
01:38
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32