නිරිතදිග පාකිස්ථානයේ පන්ජාබ් සහ බලුකිස්තානය සම්බන්ධ කරන අධිවේගී මාර්ගයක දී තුවක්කුකරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමක දී පුද්ගලයින් 23 දෙනෙක් මියගොස් තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සටන්කාමීන් පිරිසක් විසින් මාර්ගයේ ගමන් ගත් බස් රථ, ට්‍රක් රථ සහ වෑන් කිහිපයක් නවත්වා සිදුකළ පරීක්ෂාවකින් පසු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.













