AFC Banner
Empty Ad
Empty Ad

බදු පිළිබඳ සියලු තොරතුරු හෙට හෙළිකෙරේ

බදු පිළිබඳ සියලු තොරතුරු හෙට (26) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (25) පෙරවරුවේ රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

හිඟ බදු අය කරගනිමින් මෙතරම් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ වකවානුව මෙම වකවානුව බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර හිඟ බදු අය කරගැනීම සඳහා බැංකු ගිණුම් 900ක් පමණ මේ වනවිට නවත්වා ඇති අතර, එම හිඟ බදු මුදල් අය කරගැනීමට පියවර ගනිමින් සිටින බව ද ඔහු මෙහිදී පැවසුවා.

ඒ, හෙට (26) දිනයේදී බදු පිළිබඳ සියලු තොරතුරු මාධ්‍ය වෙත මේ රටේ සමස්ත ප්‍රජාව වෙනුවෙන් අනාවරණය කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?