කාන්තාරයක අතරමං වූ දෙදෙනෙක් අවසන් ගමන් ගිහින්

කාන්තාරයක අතරමං වී සිටි පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සෞදි අරාබියේ රබ් අල් කාලි කාන්තාරයේ මෙම පුද්ගලයින් දෙදෙනා අතරමංව සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

විජලනය සහ තෙහෙට්ටුව හේතුවෙන් මොවුන් මිය ගොස් ඇති අතර, මෙලෙස මියගිය දෙදෙනා අතර වයස අවුරුදු 27ක ඉන්දීය තරුණයෙක් බව බවයි තොරතුරු වාර්තා වුණේ.

සෞදි අරාබියේ විදුලි සංදේශ සමාගමක වසර තුනක සිට සේවය කර ඇති මෙම ඉන්දීය තරුණයා තවත් සුඩාන ජාතිකයෙකු කැටුව රබ් අල් කාලි කාන්තාරයේ සංචාරයට ගොස් තිබෙනවා.

එහිදී GPS සංඥාව ක්‍රියා විරහිතවීමත් සමඟ ඔවුන්ගේ ගමන් මඟ වැරදී වර්ග කිලෝමීටර් 650 කට වඩා ප්‍රමාණයක විහිදෙන රබ් අල් කාලි කාන්තාරයේ අතරමංව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන්ගේ ජංගම දුරකථන ද ක්‍රියා විරහිතව වී වාහනයේ ඉන්ධන ද අවසන් ව තිබෙනවා.

මේ සමඟ උදව් ඉල්ලා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති අතර, එහිදී අතරමං වූ ඔවුන් දෙදෙනා කාන්තාරයේ දැවෙන රස්නය, ආහාර හා ජලය නොමැතිව මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
46
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55