කාන්තාරයක අතරමං වී සිටි පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සෞදි අරාබියේ රබ් අල් කාලි කාන්තාරයේ මෙම පුද්ගලයින් දෙදෙනා අතරමංව සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
විජලනය සහ තෙහෙට්ටුව හේතුවෙන් මොවුන් මිය ගොස් ඇති අතර, මෙලෙස මියගිය දෙදෙනා අතර වයස අවුරුදු 27ක ඉන්දීය තරුණයෙක් බව බවයි තොරතුරු වාර්තා වුණේ.
සෞදි අරාබියේ විදුලි සංදේශ සමාගමක වසර තුනක සිට සේවය කර ඇති මෙම ඉන්දීය තරුණයා තවත් සුඩාන ජාතිකයෙකු කැටුව රබ් අල් කාලි කාන්තාරයේ සංචාරයට ගොස් තිබෙනවා.
එහිදී GPS සංඥාව ක්‍රියා විරහිතවීමත් සමඟ ඔවුන්ගේ ගමන් මඟ වැරදී වර්ග කිලෝමීටර් 650 කට වඩා ප්‍රමාණයක විහිදෙන රබ් අල් කාලි කාන්තාරයේ අතරමංව ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ඔවුන්ගේ ජංගම දුරකථන ද ක්‍රියා විරහිතව වී වාහනයේ ඉන්ධන ද අවසන් ව තිබෙනවා.
මේ සමඟ උදව් ඉල්ලා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති අතර, එහිදී අතරමං වූ ඔවුන් දෙදෙනා කාන්තාරයේ දැවෙන රස්නය, ආහාර හා ජලය නොමැතිව මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.














It happened to our four-member Geodetic GPS Survey Crew 33 years ago, just before the
first Gulf War. Our mission establish Geodetic Survey control points for the Saudi Arabian Oil Company(Aramco). There are many venomous desert snakes and black scorpions living in this thick and dangerous desert. We were stranded for four days in the Rub AL Khali desert, anyway the last day we had no food or water. Then we finally came to the nearest Saudi Border Police Post. They provide us with food and water. Police Officers told us even Saudi Arabian people are also afraid to enter this big sand dunes desert. We gave our heartfelt condolences to the families who lost their lives in this dangerous desert.
Thanks