AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක්

ඊශ්‍රායල පැය 48ක කාලයක් සඳහා රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

හදිසි තත්ත්වය යටතේ ඊශ්‍රායලයේ පුරවැසියන්ට රැස්වීම් සීමා කිරීම සහ රැස්විය හැකි ස්ථාන වසා දැමීම ඇතුළු උපදෙස් නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ලෙබනනය පදනම් කරගත් හිස්බුල්ලා සංවිධානය; ඊශ්‍රායලයට එරෙහිව පූර්ව ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කළ අතර, හිස්බුල්ලා ඉහළ අණ දෙන නිලධාරියකු වන ෆුඩ් ශුක්ර්ගේ ඝාතනයට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.

හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලය දෙසට මහා පරිමාණ රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායල හමුදාව ලෙබනනය දෙසට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමඟ මෙම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද විශේෂ ආරක්ෂක කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිත බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
12
+1
2
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?