AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව දෙවන ඉනිමේ අසීරු අඩියක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩයම සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය සිව්වන දින අදයි.

තෙවැනි දිනට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 204ක් රැස්කරගෙන අසීරු අඩියක පසු වුණා.

එහිදී නොදැවී කඩුල්ලේ රැඳී සිටි කමිඳු මෙන්ඩිස් ලකුණු 56ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 20ක් රැස්කරගෙන සිටි අතර ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා දෙවන ඉනිමට ලකුණු 65ක් රැස් කළා.

මාර්ක් වුඩ්, මැතිව් පොට්ස් සහ ජෝ රූට් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ එක් කඩුල්ල බැගින් දවාගෙන සිටින අතර ක්‍රිස් වෝක්ස් කඩුලු 02ක් දවාගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 236ක් රැස්කර ගත් අතර, ඊට පිළිතුරු වශයෙන් එංගලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 358ක් රැස් කගත්තා.

ඒ, අනුව එංගලන්තය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 122ක් ඉදිරියෙන් සිටියා.

ඒ, අනුව ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම ආරම්භ කළේ එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 122ක් පිටුපසින් සිටිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
4
+1
3
+1
5
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?