සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව නිරාකරණය කිරීමට එකඟතාව

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ දී නව සේවා නිලධාරීන් ලෙස අන්තර්ග්‍රහණය වූ සමෘද්ධි නිලධාරීන් වෙත මුල් සේවා නිලධාරීන් ලෙස මනාපය සංශෝධනය කිරීමට නැවත අවස්ථාවක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකගතාව පළකර තිබෙනවා.

ඒ, අනුව එම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත්ඒ කිරීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ.

නිලධාරීන් 3027 දෙනෙකුට ඊට අවස්ථාව හිමි වන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

දීර්ඝ කාලයක සිට තමන් මුහුණ දුන් මෙම ගැටලුව හේතුවෙන් පත්ව ඇති පීඩාව සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඊට කඩිනම් විසඳුම් ලබා දීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?