AFC Banner
Empty Ad
Empty Ad

කොල්කටා වෛද්‍යවරියගේ ඝාතකයා සියල්ල පාපොච්චාරණය කරයි

කොල්කටා හි රෝහලක වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු චූදිත සංජේ රෝයි “විපරීත හා දැඩි ලෙස කාමුක දර්ශනවලට ඇබ්බැහි වූ” අයෙකු බව හෙළි වී තිබෙනවා.

මොහුගේ මනෝවිශ්ලේෂණාත්මක පැතිකඩෙන් සිදුකළ නිරීක්ෂණවල දී මේ බව අනාවරණය වූ බවයි ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශය සඳහන් කරන්නේ.

එම කාර්යාංශයේ උසස් නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී රෝහල තුළ සිදු වූ බිහිසුණු අපරාධය සම්බන්ධයෙන් ඔහු කිසිදු පසුතැවිල්ලක් නොදැක්වූ බවයි.

චූදිතයා කිසිදු පැකිලීමකින් තොරව සම්පූර්ණ අපරාධය විමර්ශන ආයතනය වෙත පාපොච්ච්රණය කර ඇති බවටයි ඉන්දීය මාධ්‍ය මේ වනවිට කරුණු වාර්තා කරන්නේ.

කොල්කටා වෛද්‍යවරියක් පැය 36ක සේවා මුරයෙන් අනතුරුව රෝහලේ සම්මන්ත්‍රණ ශාලාවේ විවේක ගැනීමට ගොස් ඇති අතර එහි දී ඇයව ඝාතනය කර තිබිය දී සොයා ගැනුණා.

ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ, ඇය දූෂණය කර දරුණු ලෙස පහර දී ඇති බවයි.

ඇයට බාහිර තුවාල 16ක් සහ අභ්‍යන්තර තුවාල 09ක් සිදුව ඇති අතර, ගෙළ සිරවීමකින් මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

අගෝස්තු 09 වැනිදා අලුයම 3.00ත් 5.00ත් අතර කාලය තුළ ඇයට මෙම අපරාධය සිදුව ඇති බවටයි මේ වනවිට කරුණු අනාවරණය වී ඇත්තේ.

මේ අතර චූදිත සංජේ රෝයිගේ ජංගම දුරකථනයේ තිබී අසභ්‍ය දර්ශන කිහිපයක් හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
58
+1
4
+1
4
+1
43
+1
11
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?