කොල්කටා වෛද්‍යවරියගේ ඝාතකයා සියල්ල පාපොච්චාරණය කරයි

කොල්කටා හි රෝහලක වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු චූදිත සංජේ රෝයි “විපරීත හා දැඩි ලෙස කාමුක දර්ශනවලට ඇබ්බැහි වූ” අයෙකු බව හෙළි වී තිබෙනවා.

මොහුගේ මනෝවිශ්ලේෂණාත්මක පැතිකඩෙන් සිදුකළ නිරීක්ෂණවල දී මේ බව අනාවරණය වූ බවයි ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශය සඳහන් කරන්නේ.

එම කාර්යාංශයේ උසස් නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී රෝහල තුළ සිදු වූ බිහිසුණු අපරාධය සම්බන්ධයෙන් ඔහු කිසිදු පසුතැවිල්ලක් නොදැක්වූ බවයි.

චූදිතයා කිසිදු පැකිලීමකින් තොරව සම්පූර්ණ අපරාධය විමර්ශන ආයතනය වෙත පාපොච්ච්රණය කර ඇති බවටයි ඉන්දීය මාධ්‍ය මේ වනවිට කරුණු වාර්තා කරන්නේ.

කොල්කටා වෛද්‍යවරියක් පැය 36ක සේවා මුරයෙන් අනතුරුව රෝහලේ සම්මන්ත්‍රණ ශාලාවේ විවේක ගැනීමට ගොස් ඇති අතර එහි දී ඇයව ඝාතනය කර තිබිය දී සොයා ගැනුණා.

ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ, ඇය දූෂණය කර දරුණු ලෙස පහර දී ඇති බවයි.

ඇයට බාහිර තුවාල 16ක් සහ අභ්‍යන්තර තුවාල 09ක් සිදුව ඇති අතර, ගෙළ සිරවීමකින් මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

අගෝස්තු 09 වැනිදා අලුයම 3.00ත් 5.00ත් අතර කාලය තුළ ඇයට මෙම අපරාධය සිදුව ඇති බවටයි මේ වනවිට කරුණු අනාවරණය වී ඇත්තේ.

මේ අතර චූදිත සංජේ රෝයිගේ ජංගම දුරකථනයේ තිබී අසභ්‍ය දර්ශන කිහිපයක් හමු වී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17