වර්ෂාව හේතුවෙන් ඇරඹුම ප්‍රමාද වූ ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඇරඹෙයි

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය මේ වනවිට (22) ආරම්භ වී තිබෙනවා.

අද තරගය ආරම්භ වීම ප්‍රමාද වූ අතර; වර්ෂාව ඊට හේතුවක් වුණා.

ඒ අනුව තරග සංවිධායකවරුන් තීරණය කළේ දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ කිරීමටයි.

ඒ අනුව මීට ටික වේලාවකට පෙර තරගය මැන්චෙස්ටර් නුවර දී ආරම්භ වුණා.

සිය පළමු ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 28ක් ලබා සිටිනවා.

ආරම්භක කඩුල්ලේ රැඳී සිටින්නේ ඩකට් සමගින් ලෝරන්ස්.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 236ක් ලබාගත්තා.

ඒ අනුව එංගලන්තය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 208ක් පසුපසින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14