උපන් විගස වවුනියාව රෝහලේ දී බිළිඳෙකු මරුට – ප්‍රදේශවාසීන් රෝහල වටලයි

වවුනියාව,මහ රෝහලේ දී උපන් විගස දරුවෙකු පෙරේදා (20) මියයාමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් ඉල්ලා දෙමාපියන් හා ප්‍රදේශවාසීන් ඊයේ (21) සවස වවුනියාව මහ රෝහලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපස විරෝධතාවක නිරත වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; වවුනියාව රෝහලේ ගර්භනී වාට්ටුවේ වෛද්‍යවරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මත දරුවා මියගිය බවට ප්‍රදේශවාසීන් මෙන් ම දරුවාගේ පවුලේ ඥාතීන් චෝදනා කරන බවයි.

දරුවාගේ මව ප්‍රසූත වේදනාවෙන් කෑ ගසන විට ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් නොකර කටයුතු කිරීම මත දරුවා මියගොස් ඇති බවත්, දරුවාගේ මරණය ඝාතනයක් වන බවත් විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටිනවා.

වසර ගණනාවක් දරුවන් නොමැතිව සිටි යුවළකට ලද පළමු දරුවා එලෙස මියයාම දෙමාපියන්ට දරා ගැනීමට නොහැකි වූ බව ද විරෝධතාවයට එක්වූවන් ප්‍රකාශ කළ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

වවුනියාව මහ රෝහල තුළින් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බව පැවසුව ද,අදාළ පරීක්ෂණය පක්ෂපාතී ව සිදුවන බැවින් සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත්ව සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටුකළ යුතු බව ද විරෝධතාකරුවන්
ඉල්ලා සිටිනවා.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වවුනියාව රෝහලේ නොපවත්වන ලෙසත්,මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කොළඹ ජාතික රෝහලේ හෝ වෙනත් ස්ථානයක සිදු කරන ලෙසත් විරෝධතාවයට එක්වූවන් ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?