උපන් විගස වවුනියාව රෝහලේ දී බිළිඳෙකු මරුට – ප්‍රදේශවාසීන් රෝහල වටලයි

වවුනියාව,මහ රෝහලේ දී උපන් විගස දරුවෙකු පෙරේදා (20) මියයාමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් ඉල්ලා දෙමාපියන් හා ප්‍රදේශවාසීන් ඊයේ (21) සවස වවුනියාව මහ රෝහලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපස විරෝධතාවක නිරත වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; වවුනියාව රෝහලේ ගර්භනී වාට්ටුවේ වෛද්‍යවරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මත දරුවා මියගිය බවට ප්‍රදේශවාසීන් මෙන් ම දරුවාගේ පවුලේ ඥාතීන් චෝදනා කරන බවයි.

දරුවාගේ මව ප්‍රසූත වේදනාවෙන් කෑ ගසන විට ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් නොකර කටයුතු කිරීම මත දරුවා මියගොස් ඇති බවත්, දරුවාගේ මරණය ඝාතනයක් වන බවත් විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටිනවා.

වසර ගණනාවක් දරුවන් නොමැතිව සිටි යුවළකට ලද පළමු දරුවා එලෙස මියයාම දෙමාපියන්ට දරා ගැනීමට නොහැකි වූ බව ද විරෝධතාවයට එක්වූවන් ප්‍රකාශ කළ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

වවුනියාව මහ රෝහල තුළින් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බව පැවසුව ද,අදාළ පරීක්ෂණය පක්ෂපාතී ව සිදුවන බැවින් සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත්ව සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටුකළ යුතු බව ද විරෝධතාකරුවන්
ඉල්ලා සිටිනවා.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වවුනියාව රෝහලේ නොපවත්වන ලෙසත්,මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කොළඹ ජාතික රෝහලේ හෝ වෙනත් ස්ථානයක සිදු කරන ලෙසත් විරෝධතාවයට එක්වූවන් ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16