AFC Banner
Empty Ad
Empty Ad

ඖෂධ සමාගමක පිපිරීමකින් 17ක් මරුට – 41 දෙනෙකුට පිළිස්සුම් තුවාල

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ විශේෂ ආර්ථික වෙළෙඳ කලාපයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

NDTV පුවත් සේවය වාර්තා කළේ; ආන්ද්‍රා ප්‍රදේශයේ අනකපල්ලෙයි ප්‍රදේශයේ අදාළ ඖෂධ සමාගම පිහිටා ඇති බවත් එම ප්‍රදේශයේ අචුතපුරම් විශේෂ ආර්ථික කලාපය පිහිටා ඇති අතර එහි ඇති ආයතනයක මෙම පිපිරීම සිදු ව ඇති බවයි.

Escientia නමැති මෙම ඖෂධ සමාගමේ කම්හලක් අදාළ පිපිරුමට භාජනය වී ඇති අතර පුද්ගලයින් 41 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් වාර්තා වනවා.

තුවාල ලැබූවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා NTR රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිපිරුම ගැන දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර ඇත්තේ; එය කම්හලේ ඖෂධ ප්‍රතික්‍රියාවක් නිසා සිදු නොවූවක් බවත්; විදුලිය සම්බන්ධ කාර්මික දෝෂයක් හේතුවෙන් හටගත් පිපිරීමක් බවයි.

අදාළ ආයතනයේ සේවකයින් 380 දෙනෙකු රාජකාරියෙහි නිරත වන බව ද වාර්තා වනවා.

මෙම අනතුර ඊයේ පස්වරු 2.15ට සිදු ව ඇති බවත්; එය දිවා ආහාරය වේලාවේ දී සිදු වීම හේතුවෙන් විශාල ව්‍යසනයක් වැළකුණු බවත් ඉන්දීය ප්‍රාන්ත රජය පවසනවා.

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය එන්. චන්ද්‍රබාබු නායිදු අද (22) එම ස්ථානයට නිරීක්ෂණයට පැමිණෙන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?