AFC Banner
Empty Ad
Empty Ad

ධනවත් වයෝවෘද්ධ යුවලකට මරණ තර්ජනය කර කප්පම් ඉල්ලූ අයෙක් අත්අඩංගුවට

ධනවත් වයෝවෘද්ධ යුවලකට මරණ තර්ජන එල්ල කර රුපියල් ලක්ෂ 40ක කප්පමක් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ; පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් බවයි.

කහතුඩුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස කප්පම් ලබා ගැනීමේ දී අත් අඩංගුවට ගෙන ඇති අතර ධනවත් මහළු යුවල වසර කිහිපයකට පෙර ඔවුන්ට අයත් ඉඩමක් විකුණා එහි මුදල් ලබා ගෙන ඇති බවත්; එය දැනගත් සැකකරු මෙම යුවලට මරණීය තර්ජනය කර මුදල් ඉල්ලා ඇති බවත් හෙළිව තිබෙනවා.

පසුව මුල් අවස්ථාවේ දී සැකකරු වෙත වයෝවෘද්ධ යුවල මුදල් ලබා දී ඇති අතර; මෑතක දී ද ඔවුන් තවත් ඉඩමක් ඉහළ මිලකට විකුණූ බව කප්පම්කරු දැනගැනීමෙන් පසු තවත් ලක්ෂ 40ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඇති බවයි සිදු කරන ලද මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

පසුව වින්දිත පාර්ශ්වයෙන් බණ්ඩාරගම පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකාර යුවල යවා මුදල් ලබාදීමට කප්පම්කරු පැමිණ සිටි අවස්ථාවේ දී සැකකරුව පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?