ධනවත් වයෝවෘද්ධ යුවලකට මරණ තර්ජනය කර කප්පම් ඉල්ලූ අයෙක් අත්අඩංගුවට

ධනවත් වයෝවෘද්ධ යුවලකට මරණ තර්ජන එල්ල කර රුපියල් ලක්ෂ 40ක කප්පමක් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ; පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් බවයි.

කහතුඩුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස කප්පම් ලබා ගැනීමේ දී අත් අඩංගුවට ගෙන ඇති අතර ධනවත් මහළු යුවල වසර කිහිපයකට පෙර ඔවුන්ට අයත් ඉඩමක් විකුණා එහි මුදල් ලබා ගෙන ඇති බවත්; එය දැනගත් සැකකරු මෙම යුවලට මරණීය තර්ජනය කර මුදල් ඉල්ලා ඇති බවත් හෙළිව තිබෙනවා.

පසුව මුල් අවස්ථාවේ දී සැකකරු වෙත වයෝවෘද්ධ යුවල මුදල් ලබා දී ඇති අතර; මෑතක දී ද ඔවුන් තවත් ඉඩමක් ඉහළ මිලකට විකුණූ බව කප්පම්කරු දැනගැනීමෙන් පසු තවත් ලක්ෂ 40ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඇති බවයි සිදු කරන ලද මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

පසුව වින්දිත පාර්ශ්වයෙන් බණ්ඩාරගම පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකාර යුවල යවා මුදල් ලබාදීමට කප්පම්කරු පැමිණ සිටි අවස්ථාවේ දී සැකකරුව පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12