එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය ඇරඹෙයි – මිලාන්ට මංගල ටෙස්ට් වරම්

තරග 03කින් සමන්විත සංචාරක ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද (21) ආරම්භ වනවා.

දේශීය වේලාවෙන් පස්වරු 3.30ට පළමු තරගය ආරම්භ වනු ඇති.

අද තරගය එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර දී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමි ව ඇති අතර ඔලී පොප් විසින් එංගලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිලාන් රත්නායක සහ නිසල් තාරක ද ටෙස්ට් සංචිතයට එක් ව සිටිනවා.

මිලාන් රත්නායක හට අද මංගල ටෙස්ට් වරම් හිමිවීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරග 36ක් පවත්වා ඇති අතර තරග 17කම ජය එංගලන්ත කණ්ඩායමට හිමිව තිබෙනවා.

තරග 08ක් පමණක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර සෙසු තරග ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

මෙම ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය ලෝඩ්ස් පිටියේ දී හා තෙවැන්න ද ඕවල් පිටියේදීත් පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?