එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය ඇරඹෙයි – මිලාන්ට මංගල ටෙස්ට් වරම්

තරග 03කින් සමන්විත සංචාරක ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද (21) ආරම්භ වනවා.

දේශීය වේලාවෙන් පස්වරු 3.30ට පළමු තරගය ආරම්භ වනු ඇති.

අද තරගය එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර දී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමි ව ඇති අතර ඔලී පොප් විසින් එංගලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිලාන් රත්නායක සහ නිසල් තාරක ද ටෙස්ට් සංචිතයට එක් ව සිටිනවා.

මිලාන් රත්නායක හට අද මංගල ටෙස්ට් වරම් හිමිවීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරග 36ක් පවත්වා ඇති අතර තරග 17කම ජය එංගලන්ත කණ්ඩායමට හිමිව තිබෙනවා.

තරග 08ක් පමණක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර සෙසු තරග ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

මෙම ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය ලෝඩ්ස් පිටියේ දී හා තෙවැන්න ද ඕවල් පිටියේදීත් පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37