AFC Banner
Empty Ad
Empty Ad

පොඩි මැණිකෙගේ ඇඟේ වැදුණු අයෙක් මරුට

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු මගී දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (19) දහවල් මෙම අනතුර සිදු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ පිළිබඳ ව කරන ලද විමසිමක දී අදහස් දැක්වූ රොසැල්ල දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසුවේ; අද දින කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු අංක 1005 දරණ පොඩි මැණිකේ දුම්රියට රෝසැල්ල හා වටවල දුම්රිය ස්ථාන අතර දී මරණකරු දුම්රියෙහි ගැටී ඇති බවයි.

මෙම පුද්ගලයා නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35ක් පමණ වයසැති පුද්ගලයෙකු ලෙසත් හඳුනාගෙන තිබෙනවා.

නමුත් මෙම පුද්ගලයාගේ නිසි අනන්‍යතාව මෙතෙක් හෙළි ව නොමැති බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයාගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
7
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?