රාසමානික්කම්ගෙන් ඡන්දෙ ගැන ප්‍රකාශයක් -ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ සහාය දිලිත්ට

එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ සහාය සර්වජන අපේක්ෂක ව්‍යවසායක, දිලිත් ජයවීර මහතාට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය සහ සර්වජන බලය එකමුතුව අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම මීට සුළු වේලාවකට (19) පෙර බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේ දී සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපතිවරණයේ දී කුමන අපේක්ෂකයාට සහාය දක්වන්නේ ද යන්න ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුව තීරණය කරන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK)පවසනවා.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (18) වව්නියාව ප්‍රදේශයේ දී පැවති අතර ඊට පක්ෂයේ සියලු සාමාජිකයින් එක්ව සිටියා.

එහිදි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සහාය දැක්විය යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ මත පළ වීමත් සමග රැස්වීමේ උණුසුම්කාරී තත්ත්වයක් ද හටගත් බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් පක්ෂයේ මතය කුමක් ද යන්න සම්බන්ධයෙන් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුව ප්‍රකාශ කරන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27