අයර්ලන්තය නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලොකු අමාරුවක වැටෙති – 2025 ලෝක කුසලානය ගැන රතු එළියක්

එළඹෙන 2025 වසරේ දී පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සෘජු ව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවට ක්‍රිකට් විචාරකයින් අනතුරු අඟවා තිබෙනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය පෙන්වාදෙන්නේ; මේ දිනවලට අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි දී පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයකුත් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග 2-0ක් ලෙස පරාජයට පත් වීම මීට බලපෑ ඇති ප්‍රධානතම හේතුව බවයි.

එක්දින කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමේ ලැයිස්තුවට ඉහළතම ප්‍රසාද ලකුණු සහිත කණ්ඩායම් 06 සෘජුව ලෝක කුසලානයට සුදුසුකම් ලබනවා.

සෙසු කණ්ඩායම් ද්විත්වය තෝරාගනු ලබන්නේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකින් අනතුරුවයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමට නම් එක් කණ්ඩායමට තරග තුනකින් සමන්විත තරගාවලි 08ක් ක්‍රීඩා කළ යුතුයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත්තේ, එක් තරගයක් පමණයි.

ලෝක කුසලාන තරගාවලියට ඉන්දියාව, ඔස්ට්‍රෙලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව මේ වනවිටත් සුදුසුකම් ලබා තිබෙනවා.

මේ වනවිට ශ්‍රී ලංකාව ආදළ ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානයේ රැඳි සිටින අතර නවසීලන්තය 06 වැනි ස්ථානයෙත්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 08 වැනි ස්ථානයෙත්, බංග්ලාදේශ කණ්ඩායම 09 වැනි ස්ථානයෙත් රැඳී සිටිනවා.

මෙම කණ්ඩායම් තුනටම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා තවත් තරග හය බැගින් ක්‍රීඩා කිරීමට නියමිත ව ඇති බව සඳහන්.

ඒ අනුව ඔවුන්ට ශ්‍රී ලංකා අභිබවා යාමේ හැකියාව පවතින බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව තවදුරටත් ඍජු සුදුසුකම් සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගැනීමට අවශ්‍ය නම් අයර්ලන්තය සමඟ පැවැත්වෙන තෙවන තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56