AFC Banner
Empty Ad
Empty Ad

චීන ණය උගුල වෙනුවට මෝදිගෙන් ගෝලීය සංවර්ධන ගිවිසුමක්

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ගෝලීය දකුණු ජාතීන් අතර වෙළඳාම, තාක්‍ෂණ බෙදාගැනීම සහ සහනදායී මූල්‍යකරණය වැඩි දියුණු කිරීම සඳහා මානව සංවර්ධනය කේන්ද්‍ර කරගත් “ගෝලීය සංවර්ධන ගිවිසුමක්” යෝජනා කර තිබෙනවා.

ඉන්දියාව විසින් සත්කාරකත්වය සපයන ලද තුන්වැනි ගෝලීය දකුණේ හඬ සමුළුවේ දී ප්‍රකාශයට පත් කරන ලද මෙම යෝජනාව, චීනයේ ‘ණය උගුලට’ වැටෙන රටවල් සංඛ්‍යාව ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් රටවලට ණය බරින් තොරව සංවර්ධන මූල්‍ය සැපයීම අරමුණු කරනවා.

රාජ්‍ය නායකයන් 21ක් සමග රජයේ ප්‍රධානීන් ඇතුළු රටවල් 123ක සහභාගිත්වයෙන් පැවති අතථ්‍ය සමුළුව අමතමින් මෝදි ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව, ත්‍රස්තවාදය සහ අන්තවාදය වැනි ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක වැදගත්කම අවධාරණය කළා.

ගෝලීය දකුණේ ප්‍රමුඛතා සඳහා ඉන්දියාවේ කැපවීමට අනුකූලව පවත්වන ලද සමුළුවේ දී, දේශගුණික විපර්යාස, ණය බර සහ ගෝලීය පාලන ව්‍යුහයන් ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ඇතුළු තීරණාත්මක කරුණු රාශියක් පිළිබඳ සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?