චීන ණය උගුල වෙනුවට මෝදිගෙන් ගෝලීය සංවර්ධන ගිවිසුමක්

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ගෝලීය දකුණු ජාතීන් අතර වෙළඳාම, තාක්‍ෂණ බෙදාගැනීම සහ සහනදායී මූල්‍යකරණය වැඩි දියුණු කිරීම සඳහා මානව සංවර්ධනය කේන්ද්‍ර කරගත් “ගෝලීය සංවර්ධන ගිවිසුමක්” යෝජනා කර තිබෙනවා.

ඉන්දියාව විසින් සත්කාරකත්වය සපයන ලද තුන්වැනි ගෝලීය දකුණේ හඬ සමුළුවේ දී ප්‍රකාශයට පත් කරන ලද මෙම යෝජනාව, චීනයේ ‘ණය උගුලට’ වැටෙන රටවල් සංඛ්‍යාව ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් රටවලට ණය බරින් තොරව සංවර්ධන මූල්‍ය සැපයීම අරමුණු කරනවා.

රාජ්‍ය නායකයන් 21ක් සමග රජයේ ප්‍රධානීන් ඇතුළු රටවල් 123ක සහභාගිත්වයෙන් පැවති අතථ්‍ය සමුළුව අමතමින් මෝදි ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව, ත්‍රස්තවාදය සහ අන්තවාදය වැනි ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක වැදගත්කම අවධාරණය කළා.

ගෝලීය දකුණේ ප්‍රමුඛතා සඳහා ඉන්දියාවේ කැපවීමට අනුකූලව පවත්වන ලද සමුළුවේ දී, දේශගුණික විපර්යාස, ණය බර සහ ගෝලීය පාලන ව්‍යුහයන් ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ඇතුළු තීරණාත්මක කරුණු රාශියක් පිළිබඳ සාකච්ඡා කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15