AFC Banner
Empty Ad
Empty Ad

රානි මුකර්ජී ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවට

මෙල්බර්න් හි ඉන්දියානු චිත්‍රපට උළෙල (IFFM) 2024 විසින් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේදී ඉන්දියානු සිනමාව සැමරීමේ විශේෂ උත්සවයක් සංවිධාන කරනු ලැබුවා.

ඒ සඳහා රානි මුකර්ජි කරන් ජොහාර් යන සුපිරි බොලිවුඩ් තරු සමග ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් සහභාගී වුණා.

මෙල්බර්න් චිත්‍රපට උළෙලට සමගාමීව මෙම උත්සවයේ දී ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක යාෂ් චොප්රා සමරු මුද්දරයක් ද එළිදක්වනු ලැබුවා.

යාෂ් රාජ් ෆිල්ම්ස් විසින් ඉන්දීය සිනමාව ගෝලීය සංස්කෘතික කාරණාවක් බවට පත් කරමින් අඩ සියවසක් පුරා ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය ඇගයීම මෙහි තවත් අරමුණක්.

රාණි මුකර්ජි මෙහිදී පැවසුවේ, “මෙම වැදගත් අවස්ථාවෙහි කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන මම සැබවින්ම ගෞරවයට හා නිහතමානීව ආඩම්බරයට පත්ව සිටිමි..” යනුවෙන්.

මෙල්බර්න් හි ඉන්දියානු චිත්‍රපට උළෙල, අගෝස්තු 15 සිට 25 දක්වා දිවෙන අතර, මෙවර එය පැවැත්වෙන්නේ 15 වැනි වරටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?