පොලිස් නිලධාරීන් තැබූ වෙඩිල්ලකින් වනඅලියෙකු මරුට

පොලිස් නිලධාරීන් තැබූ වෙඩි පහරකින් වන අලියෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම ඊයේ (15) රාත්‍රී 11.45ට පමණ සිදු ව ඇත්තේ දඹුල්ල – බකමූණ ප්‍රධාන මාර්ගයේ දම්පුරගම මංසන්ධියේ දී බවයි.

එම වනඅලියාට වෙඩි තබා ඇත්තේ බකමූණ පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන පොලිස් නිලධාරීන් බවත් ඇලහැර වනජීවී කාර්යාලය පවසනවා.

ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් සාන්ත මහතා අප කළ විමසීමක දී සඳහන් කළේ වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ වන; උස අඩි 08කින් යුත් පිරිමි වනඅලියෙකු බවයි.

පොලීසියට අයත් ත්‍රීවිල් රථයෙන් රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනාට වනඅලියා පහරදීමට යෑමේ දී පොලිස් නිලධාරීන් සිය ආරක්ෂාව සඳහා මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

වනඅලියාට වෙඩි තැබූ පොලිස් නිලධාරීන් කිහිපදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා බකමූණ පොලිසියට තමන් ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් ගිය මොහොතේ දී එහි පොලිස් ස්ථානාධිපතිවරයා එම කටයුත්ත වළකා ඇත්තේ සිය නිලධාරීන් ඔවුන්ගේ ජීවිතාරක්ෂාව සඳහා වනඅලියාට වෙඩි තැබූ බවට පවසමින්.

පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා බකමූණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් 16 වෙනිදා කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බව ද ඇළහැර වනජීවී කාර්‍යාලය පැවසුවා.

වෙඩි ප්‍රහාරයෙන් මියගිය වනඅලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කළුගුආරච්චි මහතා ඇතුළු වනජීවි නිලධාරීන් විසින් අද (16) දහවල් සිදු කිරීමට නියමිත යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46