පොලිස් නිලධාරීන් තැබූ වෙඩිල්ලකින් වනඅලියෙකු මරුට

පොලිස් නිලධාරීන් තැබූ වෙඩි පහරකින් වන අලියෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම ඊයේ (15) රාත්‍රී 11.45ට පමණ සිදු ව ඇත්තේ දඹුල්ල – බකමූණ ප්‍රධාන මාර්ගයේ දම්පුරගම මංසන්ධියේ දී බවයි.

එම වනඅලියාට වෙඩි තබා ඇත්තේ බකමූණ පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන පොලිස් නිලධාරීන් බවත් ඇලහැර වනජීවී කාර්යාලය පවසනවා.

ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් සාන්ත මහතා අප කළ විමසීමක දී සඳහන් කළේ වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ වන; උස අඩි 08කින් යුත් පිරිමි වනඅලියෙකු බවයි.

පොලීසියට අයත් ත්‍රීවිල් රථයෙන් රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනාට වනඅලියා පහරදීමට යෑමේ දී පොලිස් නිලධාරීන් සිය ආරක්ෂාව සඳහා මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

වනඅලියාට වෙඩි තැබූ පොලිස් නිලධාරීන් කිහිපදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා බකමූණ පොලිසියට තමන් ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් ගිය මොහොතේ දී එහි පොලිස් ස්ථානාධිපතිවරයා එම කටයුත්ත වළකා ඇත්තේ සිය නිලධාරීන් ඔවුන්ගේ ජීවිතාරක්ෂාව සඳහා වනඅලියාට වෙඩි තැබූ බවට පවසමින්.

පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා බකමූණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් 16 වෙනිදා කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බව ද ඇළහැර වනජීවී කාර්‍යාලය පැවසුවා.

වෙඩි ප්‍රහාරයෙන් මියගිය වනඅලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කළුගුආරච්චි මහතා ඇතුළු වනජීවි නිලධාරීන් විසින් අද (16) දහවල් සිදු කිරීමට නියමිත යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00